විනාශයට පත්වූ Hard Disk එකක් ගොඩ දාමු



ඔබ සතුව ඇති හාර්ඩ් ඩිස්ක් එකක් භාවිතයට ගැනීමට නොහැකිම අවස්ථාවට පත්වන හේතු දෙකක් හදුනාගන්න පුළුවන්. එකක් එහි ඉලෙක්ට්‍රොනික පරිපථයේ සිදුවන හානියක්. අනෙක තමයි දත්ත තැම්පත් වන ඩිස්ක් එකෙහි සිදුවන පලුදු වීමක්. මෙයින් දෙවන ආකාරයේ එනම් ඩිස්ක් එකේ සිදුවන පලුදු වීමක් නිසා හාඩ් ඩිස්ක් එක ක්‍රියා නොකරයි නම් එම ඩිස්ක් එක ඉවත දමන්නට පෙර සිදුකළ හැහි අවසාන උත්සාහය ලෙස Low Level Format එක හදුවන්න පුළුවන්. මෙහිදී මෙහිදී දෘඩ තැටියෙහි සියලුම දත්ත විනාශ වී යන අතර නැවත ලබාගත නොහැකියි. මේ ලෝ ලෙවල් ෆෝමැට් එක සිදුකල හැකි විවිද මෘදුකාංග තිබෙනවා, ඒ අතරින් විශේෂ මාදුකාංගයක් වන HDD GURU භාවිතයෙන් ලෝ ලෙවල් ෆෝමැට් එකක් කරගන්න ආකාරය දැන් අපි විමසමු.

 ඔයාලට මේ මෘදුකාංග අන්තර්ජාලය හරහා නොමිලේ බාගන්න පුළුවන්...මෘදුකාංග බාගන්න,

http://www.mediafire.com/download/f4li46i874tt7xx/LLFsetup.2.36.1181.exe


මුලින්ම් කළ යුත්තේ ඉහත ලින්ක් එකෙන් ඔබ විසින් Download කරගත් මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කිරිමයි, අනතුරුව එය දියත් කරන්න, එවිට ඔබට පහත රූපයේ පරිදි Windows එකකින් මෘදුකාංගය ආරම්භ වනු ඇත.





මෙහි ෆෝමැට් කල යුතු හාඩ් ඩ්‍රයිව් එක තොරා Continue බොත්තම ඔබන්න.




ඉන්පසු ඔබද අලුත් වින්ඩෝ එකක් විවෘත වනු ඇත. මෙහි ඔබේ හාඩ් ඩිසික් එක ගැන තොරතුරු දැකගන්න පුළුවන්.





මෙහි Low Level Format යන ටැබ් එකට ගොස් Format this device යන්න ක්ලික් කළ පසු ලැබෙන පණිවුඩයට Yes ලබා දීමෙන් එම හාඩ් ඩ්‍රයිව් එක Format කරන්න පුළුවන්. පහත දැක්වෙන්නේ ඒ පණිවිඩයයි.




දැන් ඔබට පෙනෙනවා ඇති, ඔබගේ Hard Disk එක ෆෝමට් වෙනවා, මෙයට ටික වොලාවක් ගත වෙනු ඇත.




ඉහත ඇකාරයට කටයුතු කිරීමෙන් ඔබේ ඉවත්කරන්නට තීරණය කළ දෘඩ තැටිය නැවතත් භාවිතයට ගැනීමට හැකි වූවානම් එය සතුටක්

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

ඔබේ Desktop පරිගනකයටත් Android මෙහෙයුම් පද්ධතිය install කරමු

අද ජංගම දුරකතන හා ටැබ්ලෙට් වැනි උපාංග අතර ඉතාම ජනප්‍රිය Android මෙහෙයුම් පද්ධතිය ඔබේ Desktop පරිගනකයටත් ස්තාපනය කරගන්නා ආකාරය Gadgematic Lanka බ්ලොග් අඩවිය මගින් ම්න් ඔබට ගෙන එන්නට සූදනම්.

මෙයට ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඒවා Bluestack Android Emulator බාවිත කිරීම හෝ කෙලින්ම Android-x86.org වෙබ් අඩවිය මගින් Android බාගත කර එය USB Pen Drive එකක් මගින් ස්තාපනය කරගත හැක.
මන් අද ඔබට පෙන්වන්නට සූදනම් වන්නෙ Bluestacks Android Emulator එක බාවිතා කරන ආකාරයයි.

මෙයට www.bluestacks.com වෙබ් අඩවිය මගින් කෙලින්ම setup වැඩසටහන බාගත කිරීම මගින් පහසුවෙන්ම Android ස්තාපනය කරගත හැක. eහෙත් මෙහි ගැටලුවක් වනුයේ හොද පරිගනකයක් ඔබ ස්තුවිය යුතුය. එය 2GB ram මතකයක් සහිත නම් වඩා හොද වේවි.
කෙසේ වෙතත් Android ස්තාපනය කරගැනීමෙන් ඔබ කැමති Apps හා Games බාවිතා කල හැකි හොදම ක්‍රමය මෙයයි.

Screenshots:

1. Bluestacks Android Emulator බාගත කර ගැනීම


2. භාගත් setup වැඩසටහන run කිරීම



3. Bluestacks install කරගැනීම



4. දැන් ඔබ කැමති Apps, Games, Google Play Store මගින් ස්තාපනය කර ගන්න.

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Pen Drive එකේ Data Hidden වූ විට නැවත ලබාගනිමු

          පරිගණක වෛරස් හේතුවෙන් ඔබගේ Pen Drive එකේ තිබූ Data නොපෙන්වන අවස්ථා ඔබ දැක ඇති.

එසේ වූ විට පහත ක්‍රමය මඟින් එය යථාතතත්වයට පත්කරගත හැක. 

මුලින්ම පරිගණකයේ Command Prompt එක Open කරගන්න 


For Windows 7

 
 

For Windows XP





පසුව පහත සඳහන් Code එක Copy කර  Command Prompt එක තුලට Copy කර Enter කරන්න.

attrib -h -r -s /s /d g:\*.*

සැ:යු - මෙහි g අකුර වෙනුවට ඔබගේ Pen Drive එකේ Drive       Letter එක යොදන්න 


දැන් Pen Drive එක Open කල විට Hidden වී තිබූ Data ඔබට දැක ගැනීමට හැකි වේවි.
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

වෝල්ටීයතාව ගැන දැනගනිමු..


කොහොමද ඉතින් කට්ටියට........!


අද මාතෘකාව නම් ඇවිල්ලා ටිකක් වැදගත් එකක්, මොකද හැමෝම වගේ හරියට තේරුම් ගන්නේ නැති වචන 2ක් තමා මේ 'ධාරාවයි' , 'වෝල්ටීයතාවයයි' කියලා කියන්නේ. ඉතින් දැන් මේ වචන දෙකෙන් අද මම "වෝල්ටීයතාවය" ගැන කතා කරන්නම්කෝ...


වෝල්ටීයතාවය (Voltage)


මේ වචනේ නම් ගොඩක් කට්ටිය අහලා ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වෝල්ටීයතාවය කියන එක අපි විභව අන්තරය,විභව වෙනස,.. ආදී එකිනෙකට සමාන වචන කිහිපයකින්ම හදුන්වනවා.
ඉතින් මේ වෝල්ටීයතාවය කියනදේ මැනීමට අපි 'වෝල්ට්' (V) කියන සම්මත ඒකකය භාවිතා කරනවා. උදාහරණයකට අපේ ගෙදර වෝල්ටීයතාවය 230V කියලා අපි කියනවා, නමුත් ඇත්තටම මොකක්ද මේ 230V කියන එකෙන් අදහස් කරන්නේ. ඒගැන තමා මං දැන් මේ කතා කරන්න යන්නේ. ඕගොල්ලෝ හොදින් අහගෙන ඉන්නකෝ..

වෝල්ටීයතාවය නැතිනම් 'විභව අන්තරය' කියලා කියන්නේ "විද්‍යුත් ධාරාවක් ගලායාමට අවශ්‍ය කරන විද්‍යුත් පීඩන වෙනසටයි."
හරි දැන් මම මේ කිවුව එක ගැන පොඩ්ඩක් විමසලා බලමුකෝ.

විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ ඍණ(-) ආරෝපණ සහිත ඉලෙක්ට්‍රෝන අංශු සමූහයකටයි. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන ටික එක තැනකින් තවත් තැනකට යන්න නම් ඒක තල්ලු කරන්න ඕනේ නේද? ඉතින් මේ ඉලෙක්ට්‍රෝන ටික තල්ලු කරන්න අවශ්‍ය කරන 'විද්‍යුත් පීඩනය' තමා  වෝල්ටීයතාවය කියලා කියන්නේ.

විද්‍යුත් පීඩනය


'විද්යුත් පීඩනය' කියලා කියන්නෙත් වෝල්ටීයතාවයට තමා, ඒක ඇවිල්ලා විදුලියේ ඇතිවන පීඩනය. (නැතුව එදිනෙදා ජීවිතයේ හමුවන පීඩනය නෙමෙයි) ඒත් පීඩනයක් නිකන් ඇතිවෙන්නෙ නෑනේ. ඒකට මොකක් හරි විභවයක් නැතිනම් බරක් තියෙන්න ඕනනේ. ඉතින් ඒවගේ විද්‍යුත් පීඩනයත් ඇතිවෙන්න අවශ්‍ය කරන බර නැතිනම් විභවය ඇතිවෙන්නේ ඒ අදාල විද්‍යුත් ප්‍රභවයේ (බැටරියේ) තියෙන ඉලෙක්ට්‍රෝන අංශු ප්‍රමාණයෙන්ම තමා. ඒකත් හරියට වතුර ටැංකියක ඇති ජලය ගලායාමට අවශ්‍ය කරන මූලික පීඩනය ලැබෙන්නේ ටැංකියේ තියෙන වතුර ප්‍රමාණය නිසා ඇතිවන විභව ශක්තියෙන්මනේ. මේකත් ඒවගේ තමා.. නමුත් පීඩනයක් තිබ්බ පලියට විදුලිය හෝ ජලය තියා මොකක්වත් ගලායන්නේ නෑනේ. මොකද ඒකට 'පීඩන වෙනසක්' ඕනේ. ඉතින් ඔය මේ දවස්වල ඉහල වායූ ගෝලයේ කැලඹීමක්, පීඩන අවපාතයක් කියලා එහෙම කියනවා ඇහෙන්නේ. හරි ඒවායින් වැඩක් නෑනේ 'විද්‍යුත් පීඩන වෙනස' කියන්නේ මොකක්ද කියලා බලමුකෝ..


විද්‍යුත් පීඩන වෙනස

බැටරියක (විද්‍යුත් ප්‍රභවයක) 'විද්‍යුත් පීඩනය' කියන දේ ඒ බැටරිය පුරාම ඒකියන්නේ බැටරියේ ධන ඍණ කියන අග්‍ර දෙකේම සමානයි නම්, ඒතුලින් විද්‍යුත් ධාරාවක් ගලායයිද?

කොහෙත්ම නෑ.. මොකද ඒ පීඩනයේ එකිනෙකට වෙනසක් නැත්නම් කිසිම දෙයක් චලනය වෙන්නේ නෑ. මේ නිසා මොනයම් හෝ දෙයක් චලනය වෙනවනම්, ඒක චලනය වෙන්නේ පීඩනය වැඩි තැන ඉදලා පීඩනය අඩු තැනට. ඒක ඉතින් කොයිදේටත් පොදුයි. 





උදාහරණයකට අපිගමුකෝ ජල ටැංකියක් අපි ටැංකියකට වතුර පිරෙවුවාම, ඒ ටැංකියේ තියෙන වතුර ප්‍රමාණය නිසා ටැංකිය තුල පීඩනයක් ඇතිවෙනවා කියලා දන්නවනේ. ඒත් එහෙමයි කියලා අපි පොළොව මට්ටමේ තියලා ටැංකියෙන් වතුර ගන්නේ නෑනේ. එහෙම වතුර ගත්තත් වතුර පොඩ්ඩනේ එන්නේ. ඉතින් ඒකට අපි මොකද කරන්නේ ටැංකිය පොළොව මට්ටමේ ඉදලා උස තැනකින් තියනවා. එතකොට පොළොව මට්ටමේ තියෙන පීඩනයත්, උඩින් තියෙන ටැංකියේ පීඩනයත් එකිනෙකට අසමාන (වෙනස්) වෙනවා. ඒනිසා අපිට පුළුවන් ටැංකියේ තියෙන ජලය ආයාසයකින් තොරව අපේ අතට ගන්න.

ඒවගේ බැටරියෙත් ධන ඍණ යන අග්‍ර දෙකේම විද්‍යුත් පීඩනය සමාන වුනොත්, ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන සේරම එලියට ගන්න බෑනේ. ඒනිසා අපි වතුර ටැංකියට කලා වගේ, බැටරියෙ තියෙන ඉලෙක්ට්‍රෝනත් එක තැනකට ගොඩගහනවා. ඒකියන්නේ බැටරියේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් ඍණ(-) අග්‍රය දෙසට ගොඩගහනවා. මේනිසා බැටරියේ 'විද්‍යුත් පීඩනයත්' අසමාන වෙනවා, එවිට පහසුවෙන් (-) අග්‍රයේ සිට (+) අග්‍රය කරා ඉලෙක්ට්‍රෝන තල්ලු වී ගමන් කිරීම සිද්ධවෙනවා. ඒකත් හරියට සිලින්ඩරයක් ඇතුලේ තියෙන වතුර පිස්ටනයක් ආධාරයෙන් එක පැත්තකට තල්ලු කරනවට සමානයි.



ඔන්න ඉතින් කොහොම හරි වෝල්ටීයතාවය ගැන කියන්න ගිහින් ලොකු හෑල්ලක්ම දිගහැරියනේ.. ඔය උඩ තියෙන සමහර දේවල් තේරෙන්නේ නැතිවුනාව බය වෙන්න එපා. ඕවා කාලයත් එක්ක නිකම්ම තේරෙනවා. ඕගොල්ලන්ට ඕකෙන් මතක් තියාගන්න තියෙන්නේ, වෝල්ටීයතාවය කියලා කියන්නේ, "විද්‍යුත් ධාරාවක් ගලායාමට අවශ්‍ය කරන විද්‍යුත් පීඩනයටයි" කියලා කියන එක විතරයි.

හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා මොකද, ඉහත සදහන් කරලා තියෙන 'වෝල්ටීයතාවය' ගැන කතාකරපු දේවල් මම සරල ධාරාවත් එක්ක සංසන්දනය කරලා තමා ලියලා තියෙන්නෙ. ඒක නිසා සමහර දේවල් ප්‍රත්‍යාවර්ත ධාරාවත් එක්ක ගැලපෙන්නෙ නැතිවෙන්න පුළුවන්,
ඒත් ඒක එච්චර හිතන්න දෙයක් නෙමෙයි..  'AC Current'  හා  'DC Current'  කියන්නේ එකිනෙකට වෙනස් විද්‍යුත් ධාරා වර්ග දෙකක්නේ. ඕකෙන් අපිට Electronic වලට ගොඩක් වැදගත් වෙන්නේ. සරල ධාරාවනේ....  හරි දැන් ඒක ඉවරයි, දැන් අපි වෝල්ටීයතාවය ගැන තව කරුණු ටිකක් දැනගමුකෝ..........

වෙනත් කරුනූ


  1. යම් 'විද්‍යුත් ප්‍රභවයක' වෝල්ටීයතාවක් නැත්නම් එතැන ධාරාවක් ගලායාමත් සිද්ධවෙන්නේ නෑ. ඒකයි හොදටම බැහැපු බැටරියක වෝල්ටීයතාවය 0V වෙන්නේ.
  2. එවගේම ඕගොල්ලො 12V, 1.5V, 6V  කියන ඒවා අහලා තියෙනවනේ. ඉතින් ඔය වෝල්ට් අගයන් තියෙන බැටරියක් ගත්තොත් ඒඅගය තියෙන්නේ ඒ බැටරියේ ධන(+) අග්‍රයේනේ. එතකොට ඍණ(-) අග්‍රයේ තියෙන්නේ වෝල්ට් කීයද?  0V නේ.
  3. යම් බැටරියක ධන(+) අග්‍රයේ ඇති වෝල්ට් අගයත් 0V වූන වෙලාවට අපි එම බැටරිය සම්පූර්ණයෙන්ම බැහැපු (විසර්ජනය වූ) බැටරියක් ලෙස සලකනවා.
  4. යම් උපකරනයකට හෝ උපාංගයකට විදුලිය සැපයීමේදි, ලබාදෙන වෝල්ටීයතාවය පිලිබදව සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද, 'විද්‍යුත් පීඩනය' (වෝල්ට් අගය) වැඩිපුර ලබා දුන්නොත්, එම උපකරණය හරහා වැඩි ධාරාවක් ගලා ගොස් එම උපකරණයට හානී සිද්ධවෙන්න පුළුවන්..
  5. යම් උපකරනයක හෝ උපාංගයක යම් වෝල්ට් අගයක් සදහන් කර ඇත්නම් එයින් කියවෙන්නේ. එම උපාංගය නිසි පරිදි ක්‍රියාත්මක වීම සදහා එය ඔරොත්තු දෙන උපරිම විද්‍යුත් පීඩන ප්‍රමාණය හා එයට හොදින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය අවම විද්‍යුත් පීඩන ප්‍රමානයයි.
  6. යම් 'විද්‍යූත් ප්‍රභවයක' (බැටරි, power pack) සදහන් කර ඇති වෝල්ට් අගයෙන් කියවෙන්නේ එයින් පිටතට ලබාදිය හැකි උපරිම විද්‍යුත් පීඩන ප්‍රමාණයයි. ඒත් ගොඩක් බාල Power Pack වලින්, ඒකේ ලියලා තියෙන ගානට වඩා වැඩි වෝල්ට් අගයක් එනවා කියන එකත් මතක තියාගන්න.

හොදයි , එහෙනම් අදට ලිපිය ඉවරයි..  තවත් ලිපියකින් හමුවෙමුකෝ..
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

ප්‍රත්‍යාවර්ථ ධාරාව ගැන දැනගනිමු. (2 කොටස)


කට්ටියට සුභ දවසක් වේවා..!

කලින් ලිපියෙන් මම 'ප්‍රත්‍යාවර්ථ ධාරාව' ගැන පොඩි විස්තරයක් කලා කියලා ඕගොල්ලන්ට මතක ඇතිනේ.. ඉතින් ඒක බැලුවේ නැත්නම්  මෙතනින්  ගිහින් ඒක බලලා ඉන්නකෝ.,

හරි එහෙනම් මුලින්ම මං කලින් ලිපියෙන්, ඕගොල්ලන්ට කියන්න හිතාගෙන ඉදලා අමතක වෙච්ච දෙයක් ගැන කියලා ඉන්නම්කෝ. 
ඒතමා ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලිය ලෝකෙට හදුන්වා දුන්න 'නිකොලා ටෙස්ලා' නම් විශිෂ්ඨ විද්‍යාඥයා ගැන කරුණු කිහිපයක් මට කලින් ලිපියෙන් කියන්න අමතක වීමයි.  ඒහින්දා මුලින්ම අපි ඒගැන කතාකරමු.



'නිකොලා ටෙස්ලා'


'නිකොලා ටෙස්ලා'
ඇත්තටම මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා නොහිටින්න අද අපේ ගෙවල් වලට විදුලිය ලබා ගැනීමට පවා අසීරුවන්න ඉඩ තිබුනා, මොකද ඒකාලයේ විදුලිය විදියට භාවිතා කලේ 'සරල ධාරා' විදුලියනේ. ඉතින් සරල ධාරා විදුලිය නිෂ්පාදනය කිරීමට වගේම එම විදුලිය සම්ප්‍රේෂණ කිරීමටද විශාල වියදමක් දරන්න වෙනවා. මොකද සරල ධාරාවක් රැහැන් මගින් කෙටි දුරක් ගෙනියනවා වගේ නෙමේ, ගොඩක් දුර ගෙනියනකොට විදුලිය ගෙනියන සන්නායකයේ තියෙන ප්‍රතිරෝධය නිසා විශාල ශක්ති හානියක් සිද්ධවෙනවා. ඉතින් ඒක අඩුකරන්න නම් අපිට විදුලිය සම්ප්‍රේෂණ කිරීමේදි විශාල ප්‍රමාණයේ රැහැන් යොදාගන්න වෙනවා. නමුත් ඒකට විශාල වියදමකුත් දරන්න සිද්ධවෙන නිසා වැඩි ප්‍රදේශයකට විදුලිය සපයන්න හැකියාවකුත් ලැබෙන්නේ නෑ. නමුත් පසු කාලයේදි 'නිකොලා ටෙස්ලා' නම් විද්‍යාඥයා විසින් ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලිය සොයාගැනීම නිසා මේ සියළු ප්‍රශ්නවලට විසදුම් ලැබුනා. ඒමොකද කියනවනම් ප්‍රත්‍යාවර්ථ ධාරාවක්, සරල ධාරාවක් වගේ නෙමේ, පහසුවෙන් ඉහල වෝල්ටීයතාවයකට හරවන්න පුළුවන්, එතකොට ගලන ධාරා ප්‍රමාණය අඩුවෙන නිසා විදුලිය සම්ප්‍රේෂණයේදි සිද්ධවෙන ශක්ති හානියත් අඩුවෙනවා. ඒනිසා අතීතයේදි තරම් විශාල වියදමකින් තොරව, විදුලිය ලබාගැනීමට හැකියාව අද වනවිට අපට ලැබී තියෙනවා.
හරි එහෙනම් අතීතය ගැන පොඩ්ඩක් කතා කලානේ,, දැන් අපි ප්‍රත්‍යාවර්ථ ධාරාව නිපදවීමට යොදාගන්න විද්‍යුත් ජනක යන්ත්‍ර ගැන හා එහි ක්‍රියාකාරිත්වය ගැනත් කතාකරමුකෝ..


විද්‍යුත් ජනක යන්ත්‍ර

අපේ ගෙවල් වලට ලැබෙන ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලිය නිපදවීමට අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ 'විද්‍යුත් ජනක යන්ත්‍ර'යි. ඒකියන්නේ විශාල ප්‍රමාණයේ 'බයිසිකල් ඩයිනමෝවකට' සමාන උපකරණයක් ආධාරයෙනුයි. 

බයිසිකල් ඩයිනමෝව
නමුත් බයිසිකල් ඩයිනමෝවත්, විද්‍යුත් ජනක යන්ත්‍රයෙත් අභ්‍යන්තර ව්‍යුහයන් තුල පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. මොකද විද්‍යුත් ජනක යන්ත්‍ර අපි පාවිච්චි කරන්නෙ විශාල විදුලි ධාරාවක් නිපදවන්නනේ. ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙනේ.
හරි දැන් වෙන කතා ඕනෙ නෑ,  ඩයිනමෝවක් ඇතුලේ මොකද වෙන්නෙ කියන එක ගැන කතා කරමුකෝ.

ඩයිනමෝවක් තුලදි සිද්ධවෙන්නෙ, එය අභ්‍යන්තරයේ ඇති නිශ්චල කම්බි දඟරයක් මත 'චුම්භකයක්' චලනය (කරකැවීම) කිරීම නිසා කම්බි දඟරය තුල විද්‍යූත් ගාමක බලයක් ප්‍රේරණය වීමයි. ඉතින් මේ ප්‍රේරිත විදුලිය ඩයිනමෝවේ ඇති එක් අග්‍රයක් තුලින් පිටතට ගැනීමට හැකිවේ.  එලෙස විද්‍යුත් ජනක යන්ත්‍රයෙන් පිටතට විදුලිය ලබාගත හැකි අග්‍රයට සම්බන්ධ වයරය අපි 'සජීවි' (Live) රැහැන ලෙසින් හදුන්වනු ලබනවා. 



එවගේම පිටතට ලබාගත් විදුලිය මගින් අපට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගත් පසු එම විදුලිය නැවත විද්‍යුත් ජනක යන්ත්‍රය වෙතට යවන රැහැන අපි 'උදාසීන' (Neutral) රැහැන ලෙසිනුත් හදුන්වනු ලබනවා. 

ඉතින් මේ රැහැන් දෙවර්ගයෙන් විදුලි ධාරාවක් පවතින්නේ සජීවී රැහැන තුල පමණයි. මොකද විදුලි ජනක යන්ත්‍රයේ නිපදවන විදුලිය පිටතට ගෙනියන්නේ සජීවි රැහැන් මගින්නේ ඒනිසයි සජීවී රැහැන තුල විදුලි ධාරාවක් පවතින්නේ. එවගේම සාමාන්‍ය තත්වයේදි උදාසීන රැහැන තුල විදුලි ධාරාවක් අඩංගු වන්නේ නෑ,  නමුත් සමහර වෙලාවට ගෘහ විද්‍යුත් පරිපථයේ ඇතිවන ලුහුවත් (Short) වීමක් නිසා සජීවී රැහැනෙන් කුඩා ධාරාවක් උදාසීන රැහැන වෙතට ගමන් කරන්නත්  පුලුවන්, ඒනිසා උදාසීන රැහැනේ විදුලි ධාරාවක් නෑ කියලා වීරයා වගේ ඒක අල්ලන්න එහෙම යන්න එපා...!!

එවගේම සජීවි රැහැනට සම්බන්ධ කරලා තියෙන බල්බයක් හෝ උපකරණයක් ක්‍රියාත්මක කල විට, එම උපකරණයට ලැබෙන ධාරාව ඉන්පසු උදාසීන රැහැනට ගමන් කර එතුලින් විද්‍යුත් ජනක යන්ත්‍රය වෙතට විදුලිය ගමන් කිරීම සිද්ධවෙන නිසා, ඒවෙලාවට උදාසීන රැහැන තුලිනුත් විදුලි ධාරාවක් ගලායාම සිද්ධවෙනවා කියන එකත් මතක තියාගන්න.


ප්‍රත්‍යාවර්ථ ධාරාවේ (+),(-)ආරෝපණ ඇතිවන අයුරු

ඕගොල්ලන්ට මතක ඇති මම  කලින් ලිපියෙන්  කිවුවා ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලිය ගලායාමේදි එය (+),(-) හා ශූන්‍ය(0V) යන අගයන්ට පත්වෙමින් ඉදිරියට ගමන් කරන බව. ඉතින් ඒක එහෙම වෙන්නෙ කොහොමද කියන එක ගැන තමයි දැන් මම මේ කතාකරන්න යන්නේ. හරි දැන් අපි ඒගැන කතා කරමු..

විද්‍යුත් ජනක යන්ත්‍රය ගැන හා එහි ක්‍රියාකාරිත්වය ගැන මම කතා කලානේ. මෙහිදි සිද්ධවෙන්නෙ නිශ්චල කම්බි දඟරයක් මත ස්ථීර චුම්භකයක් හෝ විද්‍යුත් චුම්භකයක් චලනය වීමනේ. ඉතින් මේ චුම්භකය චලනය වීමේදි එය ප්‍රධාන අවස්ථා 4ක් පහුකරනවා. පහත රූපය බැලුවිට ඔබට එම අවස්ථා හතර දක්නට ලැබේවී.

විද්‍යුත් ජනක යන්ත්‍රයක් තුල  චුම්භකයක් චලනය වන අයුරු
ඉහත රූපය බැලුවම ඕගොල්ලන්ට අවස්ථා 4ක රූප දැකගන්න පුලුවන්, ඒ අවස්ථා 4තුල තිබෙන්නෙ නිශ්චලව පවතින කම්බි දඟරයක් තුල උත්තර ධ්‍රැවයකින්(N) හා දක්ෂිණ ධ්‍රැවයකින්(S) සමන්විත චුම්භකයක් දක්ෂිණාවර්තව චලනය වීමේදී විදුලිය නිපදවෙන අවස්ථා 4ක් වේ. ඉතින් මේ අවස්ථා 4 නිසා තමා ප්‍රත්‍යාවර්ථ ධාරාව තුල (+),(-) ආරෝපණ මිශ්‍ර වෙමින් පවතින්නේ. දැන් අපි මේ අවස්ථා 4 ගැන වෙන වෙනම කතා කරමු.


Step - 1

මෙහිදි චුම්භකයේ 'S'ධ්‍රැවය ඉහලටද, 'N'ධ්‍රැවය පහලටද වනසේ චුම්භකය සිරස් පිහිටීමක පවති.  {චුම්භකයක 'N'ධ්‍රැවය අපට (+)ආරෝපණ සහිත පෙදෙසක් ලෙස මෙන්ම, 'S'ධ්‍රැවය (-)ආරෝපණ සහිත පෙදෙසක් ලෙසද අපට දැක්විය හැක.} මෙම පිහිටීම නිසා දෙපස ඇති කම්බි දඟර තුල (+)හෝ(-) ආරෝපණ ඇතිවීමක් සිදුනොවේ. එනිසා මෙහි ඇති කම්බි දඟර තුල විද්‍යුත් ආරෝපණ හට ගැනීමක් සිදුනොවේ.
[මෙහි විභව වෙනස 0V වේ.]




Step - 2

මෙහිදි චුම්භකයේ 'N'ධ්‍රැවය වම් පසටද, 'S'ධ්‍රැවය දකුණු පසටද වනසේ චුම්භකය තිරස් පිහිටීමක පවති. මේනිසා 'N'ධ්‍රැවය ඇති පෙදෙසේ (+) ආරෝපණයක්, හා 'N'ධ්‍රැවය ඇති පෙදෙසේ (-) ආරෝපණයක්ද ඇතිවේ. මෙනිසා ඇතිවන විද්‍යුත් ආරෝපණ ධාරාව (-)ආරෝපණ ඇති පෙදෙසේ සිට (+) අරෝපණ ඇති පෙදෙස දක්වා ගමන් කිරීමට පටන් ගනී. එවිට ඇතිවන විභව වෙනස නිසා මීට පෙර  සරල ධාරා පාඩමේදි  කියූ ආකාරයට සම්මත විදුලි ධාරාව (+)සිට(-) දක්වා ගමන් කිරීමට පටන් ගනී.
[මෙහි විභව වෙනස +V වේ.]


Step - 3

මෙහිදි චුම්භකයේ 'N'ධ්‍රැවය ඉහලටද, 'S'ධ්‍රැවය පහලටද වනසේ චුම්භකය සිරස් පිහිටීමක පවති. මෙම පිහිටීම නිසා දෙපස ඇති කම්බි දඟර තුල (+)හෝ(-) ආරෝපණ ඇතිවීමක් සිදුනොවේ. එනිසා මෙහිදීද 'Step -1' වලදි මෙන් විද්‍යුත් ආරෝපණ හට ගැනීමක් සිදු නොවේ. 
[මෙහි විභව වෙනස 0V වේ.]


Step - 4

මෙහිදි චුම්භකයේ 'S'ධ්‍රැවය වම් පසටද, 'N'ධ්‍රැවය දකුණු පසටද වනසේ චුම්භකය තිරස් පිහිටීමක පවති. මේනිසා 'S'ධ්‍රැවය ඇති පෙදෙසේ (-)ආරෝපණයක්, හා 'N'ධ්‍රැවය ඇති පෙදෙසේ (+) ආරෝපණයක්ද ඇතිවේ. මෙහිදි ආරෝපණ ඇතිවීම 'Step -2' ආකාරයට සිදුවුවද, චුම්භකයේ ධ්‍රැව දිශා මාරු වී ඇතිබැවින් කලින් සිදුවූ පරිදි සම්මත විදුලි ධාරාව (+)සිට(-) දක්වා ගමන් නොකර (-)සිට(+) දක්වා ගමන් කිරීමට පටන් ගනී. 
[මෙහි විභව වෙනස -V වේ.] 


  • මෙහි 1වන පියවර තුලින් විදුලිය නිපදවීමක් සිදුනොවේ.
  • මෙහි 2වන පියවර තුලින් (+) විදුලියක් නිපදවේ.
  • මෙහි 3වන පියවර තුලින් විදුලිය නිපදවීමක් සිදුනොවේ.
  • මෙහි 4වන පියවර තුලින් (-) විදුලියක් නිපදවේ.
ඉතින් මේ ආකාරයට මේ පියවර 4 දිගින් දිගටම සිදුවීම තුලින්, අඛණ්ඩ ප්‍රත්‍යාවර්ථ ධාරාවක් නිපදවීම සිද්ධවෙනවා. එවගේම මේ පියවර තුලින් ඔබට තේරුම් යන්න ඇති ප්‍රත්‍යාවර්ථ ධාරාව තුල කොහොමද (+)ආරෝපණ, (-)ආරෝපණ හා ඒ අතරතුර විදුලිය නොමැති ශුන්‍ය තත්ව ඇතිවන්නෙ කෙසේද කියලා. එහෙනම් දැන් අපි 'වක්‍රයක්' කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරමු.

'වක්‍රයක්' යනු කුමක්ද?

ඉහතදි මං දැක්වූ ආකාරයේ පියවර 4ක් සම්පූර්ණ වූ පසු එය 'වක්‍රයක්' ලෙස අපි හදුන්වනවා. අපේ ගෙවල් වලට ලැබෙන ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලියේ නම් තත්පරයකට මෙවැනි වක්‍ර 50ක් (50Hz) පමණ සම්පූර්ණ වෙනවා එවගේම කලින් මම කියූ පියවර වල 'Step -1'වල හා 'Step-3'වල විදුලිය නොමැති අවස්ථා දෙකක් ඇතිවෙන නිසා, මෙම වක්‍ර 50 තුල විදුලිය නොමැති අවස්ථා 100ක් පමණ ඇති වෙනවා. එනිසා අපේ ගෙවල්වල තියෙන සාමාන්‍ය විදුලි බුබුලක් දල්වා ඇති විට, අපට එය දිගින් දිගටම දැල්වී ඇති බව පෙනුනත්, එය සැබෑවටම තත්පරයකට 100 වතාවක් පමණ නිවි නිවී දැල්වෙනවා.

ඒවගේම ඕගොල්ලන්ට දැනිලත් ඇති අපිට විදුලි සැර වැදුනම අපිව ගැහෙනවා නැත්නම් කම්පනයකට ලක්වෙනවා කියලා. ඒක එහෙම වෙන්නෙ ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලියේ 50Hz පමණ කම්පන වාර ගණනක් ඇතිවන නිසයි. ඒකියන්නේ විදුලිය ඇති හා නැතිවීම් තත්පරයකට 100 වතාවක් විතර සිද්ධවෙනවා කියන එකයි.

ඔන්න ඉතින් ප්‍රත්‍යාවර්ථ ධාරාව ගැන ලිපි දෙකක් පුරාවට මම ගොඩක් දේවල් කිව්ව්නේ. ඉතින් ඕකේ තේරෙන්නෙ නැති දෙයක් තියෙනවනම් ලිපිය තුන් හතර පාරක් විතර කියවලා බලන්නකෝ.!


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

Google වලට වඩා තමන්ගේ Bing සෙවුම් යන්ත්‍රයෙහි පින්තූර සෙවුම් ප්‍රථිපල වඩාත් හොද බව Microsoft පෙන්වා දෙයි


තමන්ගේ ප්‍රදාන තරගකරුවා වන Google වලට වඩා තමන්ගේ සෙවුම් යන්ත්‍රයේ වන Bing විසින් ලබාදෙන පින්තූර සෙවුම් ප්‍රථිපල වල ගුණාත්මක බාවය ඉහල මට්ටමක තිබෙන බව Bing blog එකෙහි පලකළ post එකකින් Microsoft සමාගම පෙන්වා දී තිබෙනවා. එම ලිපියෙහි උදාහරණ කිහිපයක්ම පෙන්වා දී තිබෙන අතර ඉන් එක් උදාහරණයක “Prince Albert of Monaco” ලෙස පින්තූර සෙවුමක් කල විට Google විසින් Albert කුමාරයාගේ පින්තූරත්, Albert කුමරා හා Monaco හි රජ කුමරාත් දෙදෙනාම එකට සිටින පින්තූරත් කලවමේ සෙවුම් ප්‍රථිපල ලෙසින් ලබා දෙන බව පෙන්වා දී තිබෙනවා.

Albert google search

නමුත් එම සෙවුමම Bing හිදී සිදු කල විට Google මෙන් කලවම් පින්තූර නොපෙන්වා සෙවුම් ප්‍රතිපලයේ ඉහලින්ම පෙන්වන්නේ Albert කුමාරයාගේ පින්තූරයි. ඔහු හා අනෙක් පුද්ගලයින් එකට සිටිනා පින්තූර Bing සෙවුම් යන්ත්‍රය විසින් සෙවුම් ප්‍රතිපලයේ පහලට දමා තිබෙනවා.

 Albert trickslanka 

  තම සෙවුම් යන්ත්‍රයේ පින්තූර සෙවුම් ප්‍රථිපල වල ගුණාත්මක බව හා නිවරද්යතාවය පෙන්වමින් මෙවැනි උදාහරණ කිහිපයක්ම Microsoft සමාගම විසින් Bing බ්ලොග් එකෙහි පළකර තිබෙන එම post එකෙන් පෙන්වාදී තිබෙනවා. සෙවුම සිදුකරන්නේ කුමක් සදහාද යන්න Bing සෙවුම් යන්ත්‍රය හොදින් අවබෝද කරගැනීම සදහා අන්තර්ජාලයෙන් ලබාගන්නා image click data හා social signals උපයෝගී කරගන්නා බව Microsoft සමාගම තවදුරටත් සදහන් කර තිබෙනවා.

copyright:- technews
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

ප්‍රත්‍යාවර්ථ ධාරාව ගැන දැනගනිමු,,, (AC Current)

සුභ දවසක් වේවා..!

කොහොමද  ඉතින් කට්ටියට, ගිය සතියේ ලිපියෙන් මම  'සරල ධාරාව'  ගැන කරුණු වගයක් ඕගොල්ලන්ට කිව්වනේ. ඒ හින්දා අද මම කතා කරන්න යන්නෙ 'ප්‍රත්‍යාවර්ත ධාරාව' නැතිනම් ගෘහස්ත විදුලිය ගැනයි. දැන් අපි ඒ ගැනත් කතා කරමුකෝ..



ප්‍රත්‍යාවර්ථ ධාරාව (Alternating Current)


'ප්‍රත්‍යාවර්ථ ධාරාව' කියලා කියන්නේ විදුලිය ගමන් කරන දිශාව මාරු කරමින් ගලායන විදුලි ප්‍රභේදයකටයි. ඒකියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව තුලදි (+)ධන හා (-)ඍණ යන ආරෝපණයන් ගමන් කරන දිශා මාරුවෙමින් ගමන්කිරීම සිදුවන බවයි. අන්න ඒනිසයි අපි ප්‍රත්‍යාවර්ථ ධාරාව කියලා මේ ධාරා විශේෂය හදුන්වන්නේ, ඒමොකද කියනවනම් 'ප්‍රත්‍යාවර්ථ' කියන එකේ තේරුම ඉතින් දෙපසට චලනය වෙනවා කියන එකනේ.
ප්‍රත්‍යාවර්ථ ධාරාව අපි ඉංග්‍රීසියෙන් "Alternating Current" කියලා හදුන්වනවා, ඒක අපි භාවිතයේ පහසුව තකා 'AC' ‍යන කෙටි නාමයෙන් හදුන්වනවා.

ප්‍රත්‍යාවර්ත ධාරාව තුල (+) හා(-) භේදයක් නෑ කියලා ඕගොල්ලෝ අහලත් ඇති. මොකද ප්‍රත්‍යාවර්ත ධාරාව තුල ඒ ආරෝපණ දෙවර්ගයම මිශ්‍ර වෙලානේ තියෙන්නේ. ඉතින් ඒනිසා ප්‍රත්‍යාවර්ථ ධාරාව ගෙනියන රැහැන් අපි, සරල ධාරාව ගෙනියන රැහැන් (+) හා (-) වශයෙන් නම් කරනවා වගේ නම්කරන්නේ නෑ. ඒනිසා අපි ප්‍රත්‍යාවර්ථ ධාරාව ගෙනියන රැහැන් වර්ග දෙක සජීව(Live) හා උදාසීන(Neutral) වශයෙන් තමා නම් කරන්නේ.


හරි දැන් අපි බලමු ප්‍රත්‍යාවර්ත ධාරාවක් දෝලනේක්ෂයක් ආධාරයෙන් බැලුවම ඒකේ තරංගමය ස්වරූපය පේන්නෙ කොහොමද කියලා.



මේ ප්‍රස්තාරය දිහා බැලුවම ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙන ප්‍රත්‍යාවර්ථ ධාරා තරංගය ඉහල පහල යමින් 'සයිනාකාර' හැඩයකින් යුතුව ගමන් කරන බව. ඉතින් ඒක එහෙම වෙන්නෙ ප්‍රත්‍යාවර්ථ ධාරාව (+),(-) දිශා මාරුකරමින් ගලායන නිසයි. ඒවගේම ඕගොල්ලන්ට මතක ඇති මං  කලින් ලිපියේ  කිවුව සරල ධාරාවේ තරංගය ස්වරූපයේදි ඒක තනි සරල රේඛාවක් වගේ තිබුනු බව. ඒක එහෙම වුනේ සරල ධාරාව (+),(-) දිශා මාරුකරමින් ගමන් නොකරන නිසයි.

ප්‍රත්‍යාවර්ථ ධාරාවත්, සරල ධාරාවත් අතර සංසන්දනය


හරි දැන් අපි එහෙනම් ප්‍රත්‍යාවර්ථ ධාරාවත්, සරල ධාරාවත් පොඩ්ඩක් සංසන්දනය කරලා බලමුකෝ. ඊට  කලින් කට්ටිය පහල තියෙන පින්තූරය බලලා ඉන්නකෝ.


මේ තියෙන රූපයේ රතු පැහැ රේඛාවෙන් නිරූපණය වන්නෙ 'සරල ධාරා විදුලිය' වන අතර, එහි වෝල්ට් අගය (විභව අන්තරය) +60V පමන වේ. එවගේම මෙහි ඇති කොල පැහැ රේඛාවෙන් නිරූපණය වන්නේ 'ප්‍රත්‍යාවර්ථ ධාරා' විදුලිය වන අතර, එහි වෝල්ට් අගය +120V සිට -120V දක්වා අගයන් අතර විචලනය වෙමින් පවති.
ඉතින් මේ රූපයේ පරිදි +60V ක පමණ විභව අන්තරයකින් යුක්ත 'සරල ධාරාව' කිසිදු වෙනස්වීමකට භාජනය නොවී කාලයත් සමඟ ඉදිරියට ගමන් කරන අයුරු ඕගොල්ලන්ට දැකගන්න පුලුවන්නෙ. නමුත් +120V ක පමණ උපරිම අගයක් සහිත 'ප්‍රත්‍යාවර්ථ ධාරාව' විටෙක ශූන්‍ය අගයටද (0V), තවත් විටෙක -120V පමණ වන අවමයකටද පත්වෙවී කාලයත් සමග විචලනය වෙමින් ඉදිරියට ගමන් කරන අයුරුද ඔබට දැකගන්න පුලුවන්.
ඉතින් මේ සංසන්දනය තුලින් අපිට කියන්න පුලුවන් වෙනවා. සරල ධාරාව නිශ්චිත ධන විභව අන්තර (වෝල්ට්) අගයකින් යුතුව කාලයත් සමග ඉදිරියට ගමන්කරන අතර, ප්‍රත්‍යාවර්ථ ධාරාවේ විභව අන්තරය ධන,ඍණ අගයන්ට හා ශූන්‍ය අගයටද පත්වෙමින් කාලයත් සමඟ ඉදිරියට ගමන් කරන බව.

ඉතින් මේ සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාව සංසන්දනය කිරීම තුලින් මම කියන්න බලාපොරොත්තු වුනේ මේ ධාරා ප්‍රභේද දෙක තුල තිබෙන්නාවු වෙනස්කම් පිලිබදව ඕගොල්ලන්ව දැනුවත් කරන්නයි. ඉතින් මං හිතනවා එක සිද්ධවුනා කියලා

.
හරි දැන් අපි බලමු ප්‍රත්‍යාවර්ථ ධාරාව නිරූපණය කරන්න පාවිච්චි කරන පරිපථ සංකේතය මොන වගේද කියලා.

ප්‍රත්‍යාවර්ථ ධාරාව නිරූපණය කරන පරිපථ සංකේතය

මේ සංකේතය තුලින් දැක්වෙන්නෙ සයිනාකාර හැඩයකි. ඒතුලින්  ප්‍රත්‍යාවර්ථ ධාරාවේ විභව අන්තරය (+) සිට (-) දක්වා විචලනය වෙමින් ධාරාව ගමන් කරන බව හා, එහි ඇති ධාරාව ගලන දිශාවේ ඇතිවන වෙනස්වීමේ ස්වභාවය සංකේතවත් කෙරේ. නමුත් මෙහි ධන හා ඍණ අග්‍ර පිලිබදව අදහසක් දක්නට නොලැබේ. මොකද ප්‍රත්‍යාවර්ථ ධාරාව තුල (+) හා(-) යන ආරෝපණ දෙවර්ගයම මිශ්‍රවී පවතින නිසා මෙහි ධන,ඍණ භේදයක් ඇති නොවේ.

ප්‍රත්‍යාවර්ථ ධාරා විද්‍යුත් ප්‍රභවයන්



ප්‍රත්‍යාවර්ථ ධාරා ප්‍රභවයක් කියලා කියන්නෙ, ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලියක් නිකුත්කරන විද්යුත් ප්‍රභවයන් වලටයි. මේසදහා අපිට බයිසිකල් ඩයිනමෝ වගේ විද්යුත් ජනක යන්ත්‍ර වර්ග දක්වන්න පුළුවන්. ඒවගේම අපේ ගෙවල් වලට ලැබෙන විදුලියද අයත් වෙන්නෙ ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලි වර්ගයටයි. තවද අපිට සරල ධාරාව AC පරිවර්ථකයක් (AC Inverter) ආධාරයෙන් ප්‍රත්‍යාවර්ථ ධාරාව බවට හැරවීම තුලින්ද අපට ප්‍රත්‍යාවර්ථ ධාරාව ලබාගන්න පුලුවන් වෙනවා.

ප්‍රත්‍යාවර්ථ ධාරා බල සැපයුමක් හෝ ප්‍රභවයක් නිරූපණය කිරීමට යොදන පරිපථ සංකේතය

එහෙනම් මේ ලිපියේ ඊලඟ කොටස, මං ඊලග Post එකෙන් දාන්නම්කෝ....


ඉතින් එහෙනම් මේ ලිපිය ගැන ඕගොල්ලන්ගෙ අදහසුත් දක්වලාම යන්නකෝ..!

මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status