සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Friend Request ඔක්කොම එක පාරින් Confirm කරමු. (Confirm All Friend Request at Once)





මේක නම් ගොඩක් ම වැදගත් වෙන්නේ , Facebook ඉන්න කෙල්ලොන්ට.. මොකද ඉතින් , friend request බර ගානක් එන්නේ කෙල්ලොන්ටනේ!! ඉතින් මට හිතෙනවා මේ පොස්ට් එක වැඩිපුරම කෙල්ලෝ කියවාවි කියලා... :D ඒ නිසා , මම එයාලටත් එක්ක තේරෙන විදියට , උපරිම සරලව මේක කියා දෙන්නම්කො.

හරි දැන් අපි එහෙනම් බලමුකෝ , මේ වැඩේ කරන්නේ කොහොමද කියලා... මෙහෙමයි , මේ වැඩේට Google Chrome කියන Internet Browser එක ඕන වෙනවා... (මේ සදහා Google Chrome භාවිතා කිරීම ඉතා පහසුයි)

ඔන්න එහෙනම් අපි පියවරෙන් පියවර වැඩේට බහිමුකො... මුලින් ම ඔයාලගේ Facebook account එකට log වෙන්නකෝ.. දැන් Settings වලට යන්න...

ඔතනින් , වම පැත්තේ තියෙන Security කියන එක click කරන්න. දැන් දකුණු පැත්තට වෙන්න උඩම ඇති Secure Browsing Enable කියලා එකක්. ඒක click කරලා , එතන තියෙන tick එක ( හරි ලකුණ ) අයින් කරලා Save කරන්න...




හරි ... දැන් ඔයාලගේ Facebook ගිණුමට log වෙලා , මම මේ දෙන Link එකට යන්නකෝ ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )  »»»  Click Here

ඔය link එකට ගියාම , ඔයාලට පෙනේවි , ඔයාලට ආපු friend request ටික... ඊළගට , ඔයාල ඔය friend request ටික පෙන්නන  page එකේ පහලට ම යන්න. එතකොට ඔයාලට පෙනේවි Show more කියලා වචනයක්. ( friend request පොඩ්ඩක් නම් ඇවිත් තියෙන්නේ , Show more කියලා වචනයක් නැතුව ඇති ) අන්න ඒ Show more වචනේ click කරන්න.

මේ විදියට page එකේ පහලටම ගිහින්, Show more කියන වචනේ නැති වෙනකම්, ඒ කිව්වේ ඔයාලට ආපු request ඔක්කොම ඔතන පෙන්නනකම් , ඔය වචන click කර කර page එකේ පහලට ම යන්න. request ඔක්කොම ඔතන පෙන්නනවා නම්, තවදුරටත් Show more වචනේ ඔතන නෑ...
 
දැන් එහෙනම් , ඔයාලගේ keyboard එකේ තියෙන F12 button එක press කරන්නකෝ.. දැන් ඔයාලට පෙනේවි යටින් පොඩි window එක එනවා.. ඕකේ Console කියන tab එක click කරන්නකෝ...


දැන් මම මේ දෙන Link එකට යන්නකෝ ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )  »»» Click Here

දැන් එතන තියෙන code එක සම්පූර්ණයෙන් ම copy කරගන්න...

දැන් අර Console කියන tab එකේ , මේ code එක paste කරන්න.. මේ code එක paste කිරීමට , keyboard එකේ තියෙන Ctrl+v භාවිතා කරන්න...



දැන් keyboard එකේ තියෙන Enter button එක press කරන්න... දැන් ඉතින් පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්නකෝ... ඔයාලට පෙනේවි , request ඔක්කොම එකින් එක Confirm වෙන විදිය.. ඉක්මනට ම ඔයාගේ friend request ඔක්කොම confirm වේවි ඉබේටම.... ඔක්කොම confirm වෙලා ඉවර උනාම , ඔයාලගේ page එක සමහරවිට refresh වේවි.. refresh නොවුනත් , request ඔක්කොම confirm වුනාම ඔයාලට පේනවනේ. එතකොට ඔය tab එක close කරලා දාන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි :) අයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු.එහෙනම් මම ගියා... /bye
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status