සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


මනසින් පාලනය කල හැකි රොබෝ අත් සිහිනය සාර්ථක වෙයි


පසුගිය අවුරුදු කිහිපය වෛද්‍ය විද්‍යාවට හා රොබෝ තාක්ෂණයට පලදායි විය. ඇමරිකාවේ “Johns Hopkings” විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් අත් දෙකම අහිමි වෙච්ච “Les Baugh” මහතාට මනසින් පාලනය කල හැකි රොබෝ අත් දෙකක් සවි කර පරික්‍ෂා කරලා.

Baugh මහතා කියන විදියට එය ඉතා වේදනා කාරියිලු. Baugh මහතාගේ අත් දෙක නැති වෙලා තියෙන්නේ අවුරුදු 40කට කිලින් විදුලි අනතුරකින්ලු. රොබෝ අත් දෙක මනසින් පාලනය කිරීමට ඕනෙ නිසා “Johns Hopkings” ශල්‍යවෛද්‍යවරුන්ට Baugh මහතාගේ මැරුණු ස්නායු නැවත අවදි කිරීමට සිදුවෙලා තියෙනවා.

මෙය තවමත් මුලාකෘතියක් බවත් මෙය වැඩ කරන්නේ නැවත අවදි කරපු ස්නායු වලින් කරන මස් පිඩු වෙනස්වීමේ රටා මගින් බවත් ඔවුන් කියා සිටියා. මෙය පළමුව පරික්‍ෂා කලේ ජුනි මාසයේදී, පර්යේක්ෂකයන් පුදුමයට පත් කරමින් Baugh මහතා රොබෝ අත පාලනය කලාලු. “මෙය අනාගත තාක්ෂනය තවත් ඉතා වැදගත් පිම්මක්, මෙය තමයි ලොව ප්‍රථම මනසින් පාලනය කල හැකි රොබෝ අත.” පරීක්ෂකයන් මෙසේ කියා සිටියා. Baugh මහතා කියා සිටියේ ඔහු වෙනම ලෝකයකට ගියා වගේ දැනුනු බවයි. අවුරුදු 40කට පසු අතක් හැසිරවීමට හැකිවීම, Baugh මහතා හට කොපමණ සතුටක් ගෙන දෙන්න ඇත්ද?
රොබෝ අත පාලනය කිරීම දැනට අපහසුයි ලු, අත සෙලවීමට නම් මුලින්ම උර හිසත් පසුව වැලමිටත් ඊලගට අතේ මැණික් කටුවත් සෙලවීමෙන් අනතුරුව අතේ ඇඟිලි සෙලවීමට හැකියව ඇත. මේ සෑම සෙලවීමක් අතර තුරම පොඩි විවේකයක් ගත යුතුලු. ඉදිරි අවුරුදු 5-10 තුලදී මේ තාක්ෂනයේ අති විශාල දියුණුවක් දැක ගත හැකිවන බව ඔවුන් කියා සිටියා. Baugh මහතාව සම්පුර්ණයෙන් වැඩ කරන රොබෝ අත් දෙකක් සහිතව ගෙදර යැවීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මේගැන video එකකින්ම බලන්නකෝ




copyright sira
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status