තමන්ගේ
ප්‍රදාන තරගකරුවා වන Google වලට වඩා තමන්ගේ සෙවුම් යන්ත්‍රයේ වන Bing
විසින් ලබාදෙන පින්තූර සෙවුම් ප්‍රථිපල වල ගුණාත්මක බාවය ඉහල මට්ටමක තිබෙන
බව Bing blog එකෙහි පලකළ post
එකකින් Microsoft සමාගම පෙන්වා දී තිබෙනවා. එම ලිපියෙහි උදාහරණ කිහිපයක්ම
පෙන්වා දී තිබෙන අතර ඉන් එක් උදාහරණයක “Prince Albert of Monaco” ලෙස
පින්තූර සෙවුමක් කල විට Google විසින් Albert කුමාරයාගේ පින්තූරත්, Albert
කුමරා හා Monaco හි රජ කුමරාත් දෙදෙනාම එකට සිටින පින්තූරත් කලවමේ සෙවුම්
ප්‍රථිපල ලෙසින් ලබා දෙන බව පෙන්වා දී තිබෙනවා.
නමුත්
එම සෙවුමම Bing හිදී සිදු කල විට Google මෙන් කලවම් පින්තූර නොපෙන්වා
සෙවුම් ප්‍රතිපලයේ ඉහලින්ම පෙන්වන්නේ Albert කුමාරයාගේ පින්තූරයි. ඔහු හා
අනෙක් පුද්ගලයින් එකට සිටිනා පින්තූර Bing සෙවුම් යන්ත්‍රය විසින් සෙවුම්
ප්‍රතිපලයේ පහලට දමා තිබෙනවා.

තම සෙවුම් යන්ත්‍රයේ පින්තූර සෙවුම් ප්‍රථිපල වල ගුණාත්මක බව හා
නිවරද්යතාවය පෙන්වමින් මෙවැනි උදාහරණ කිහිපයක්ම Microsoft සමාගම විසින්
Bing බ්ලොග් එකෙහි පළකර තිබෙන එම post එකෙන්
පෙන්වාදී තිබෙනවා. සෙවුම සිදුකරන්නේ කුමක් සදහාද යන්න Bing සෙවුම්
යන්ත්‍රය හොදින් අවබෝද කරගැනීම සදහා අන්තර්ජාලයෙන් ලබාගන්නා image click
data හා social signals උපයෝගී කරගන්නා බව Microsoft සමාගම තවදුරටත් සදහන්
කර තිබෙනවා.
copyright:- technews
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment