සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ජංගම දුරකථනයක් ගන්න කළින් මේ ගැනත් සිතන්න!



මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.
Phone එක ගන්නකෙනා -Phone එකක් බලමුද?
අලෙවිකරු-සර් හොයන්නේ කීයක විතර එකක්ද?
Phone එක ගන්නකෙනා-හරි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොද එකක් බලමු.
අලෙවිකරු-මට කියන්න සර් කීයකට වාගෙද බලන්නේ?ආ මේක හොදයි සර් අපි මේක දෙන්නේ 25,000 කට,එත් Warranty නැතුව 20,000 දෙන්නම්.
ඔන්න මිනිහා Phone එක ගත්තා.දැන් ඉතින් සතුටින් මිනිහා ගෙදර යයි.කාලෙකට පසු යාලුවෙක් හමු වූ විට මිතුරාද එම Phone එකම අවුරුදු 2ක් Warranty සමග අලුත්ම Phone එක්ක රු18,000 මිල දී ගෙන ඇත.එය දැනගත්තට පසු මිනිහාට තරු පෙනේ.තවද එම Phone එක විශේෂාංග අන්තර්ජාලයෙන් Search කල විට ඉතා අඩු මට්ටමකට ඇති පෙනී යයි.වැරද්ද කාගේද??
ඉතින් ඕක තමයි ලංකවේ ගොඩක් වෙන්නේ.වෙලෙන්ද පරිභෝගීකයවා අන්දනවා.
අන්දෙන්නේ නැතුව Phone එකක් වාගේම ඕනෑම බඩුවක් ගන්න කොට මේ විදිය හොයලා ගන්නකෝ.


ඉවසීම-විමසීම-පීරික්සීම

ඔය ක්‍රමේට ගත්තොත් වරදින්නේ නෑ.දැන් කියන්නේ දුරකතනයක් ගන්නකොට ඔය විදිහට කරන්නේ කොහොමද කියලා.


Phone එකක් තෝරාගන්න

Phone කඩේට ගිහින් phone එකක් ගන්න හොයන එක මෝඩ වැඩකි.දන්නා කියන මිතුරෙක් ගෙන අහලා බලන්න.අන්තර්ජාලයෙන් බලන්න.ගුණ අගුණ හොයන්න.දුරකතන මාදිලි වල වර්ග වල විශේෂාංග ගලපන්න.මිල ගනන් සොයාබලන්න.

ඔබට ගැලපෙන Phone එකේ Features සෙවීම.

WWW.GSMARENA.COM වැනි වෙබ් අඩවියකට පිවිස Phone වල Features සෙවිය හැක.එහි Home Page එකේ Phone Finder යන්න Click කර ඔබට ඕන තාලයකට Phone සෙවිය හැක.ඔබ එසේ Search කලවිට ලැබෙන ප්‍රතිපලේ දුරකථන මාදලි පිළිබද සියලු විස්තර වටේ.එවැනි තවත් දුරකථන පිලිබදව සෙවීමට හැක.
තව එහි ඇති User Reviews කියවා බලන්න.




මිළ පිළිබද සොයා බැලීම.

එකම වර්ගයේ වෙනත් මාදලිද සොයා බලන්න.Brand New හා Second Hand දුරකථන වල මිල ගණනන් සසදා බලන්න.
වෙළදපොලේ දී
වෙළදපොලේ දී ඔබ තෝරාගත් දුරකථනය පමණක් ඉලිල්ලා සිටින්න.ඔහු දෙන Phone එක හෝ යාළුවන් සතුටු කරන්න ඔබ Phone මිලදී නොගන්න..

දුරකථනයේ Head Set වැනි උපකරණ පවා හොදින් පරික්ෂා කරබලා මිලදීගන්න.
Android දුරකථන ගන්නේ නම් මෙම Code වලින් දුරකතනය පරික්ෂාකර ගතහැක.
සමහර Phone වල මේවා ක්‍රියා නොකිරීමට පුළුවන.

Total Call Time / Wifi / Battery Info-*#*#4636#*#*
phone එකේ කථාකාලය/Wifi/බැටරි තෝරතුරු ලබාගතහැක.

WLAN Test-*#*#232331#*#*
Bluthooth Test-*#*#232331#*#*
General Test-*#*0*#
Sound Test-*#*#0673#*#*
LCD Test-*#*#0#*#*8
Touch Screen Test-*#*#2664#*#*

 ඔන්න ඉතින් මම ගියා තවත් පට්ට වැඩකින්  හමුවෙමු.




මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status