සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


අන්තර්ජාල ආරක්ෂාව නොමිලේ

පි හැමෝටම තියන ප්‍රධාන ප්‍රශ්ණයක් තමා අන්තර්ජාලය හරහා ඉබේම අපේ පරිගණකයට වෛරස්,ඇඩ්වේයා,මැල්වෙයා වැනි හානිකර දෑ ඩවුන්ලෝඩ් වීම. මේකට පුන්චි පිළියමක් හොයා ගත්තා. ඒ තමයි වෙබ් ‍ෆිල්ටරිං (Web Filtering) වැඩසටහන්. මේවා ඉන්ටනෙට් හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකියි.

ස්කෑන්ඩු (Scandoo) හා සයිට් ඇඩ්වයිසර් (Site Adviser) යනු ඒ වගේ වැඩසටහන් දෙකක්.ඉතින් ඒකෙන් මම කියන්න හදන්නේ සයිට් ඇඩ්වයිසර් ගැන.

සයිට් ඇඩ්වයිසර්

මෙය ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් හා ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සර් දෙකටම ගැලපෙන ප්ලග්-ඉන්(Plug In) එකක්. මේ වැඩසටහන මගින් සෑම වෙබ් අඩවියක්ම පෙන්වන්නේ සංඥා වර්ණ උපයෝගි කරගෙනයි.මෙන්න මෙතනින් ගිහින් මේ ප්ලග්-ඉන් එක ඉන්ස්ටෝල් කරගන්න.

ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේක නරක වෙබ් අඩවියක්ද හොද වෙබ් අඩවියක්ද කියලා හොයා ගන්නේ මෙන්න මෙහෙමයි.

1) වෙබ් බ්‍රව්සරයෙන් අපි වෙබ් අඩවියකට පිවිසෙන්නට ඉල්ලා සිටින විට සයිට් ඇඩ්වයිසර් විසින් එය රතුපාටින් සලකුනු කරයි නම් තත්වය නරකය. ඒ වෙබ් අඩවිය ස්පෑම් කිරීමට,ඉබේම මැල්වෙයා ඩවුන්ලෝඩ් කරන හෝ වෙනත් අනතුරක් ඇති වෙබ් අඩවියකි.එහෙත් පරිශීලකයා කැමති නම් එයට යන්නට බාධාවක් නැත.




2) කහපාටින් සංඥා කරන වෙබ් අඩවි අඩමාන ඒවාය (50%) සමහරවිට එහි අනතුරක් තිබෙන්නටත් පුළුවන, නොතිබෙන්නත් පුළුවන.


3) කිසිම අනතුරක් නැති ඉතා පිරිසුදු වෙබ් අඩවි පෙන්වන්නේ කොළ පැහැති සළකුණකිනි. ඉතින් එම වෙබ් අඩවියට පිවිසීමට ඔබ බිය විය යුතු නැත.



මෙසේ නරක පෙන්වන වෙලාවක (පහත තිබෙන රූපය පරිදි), ඒ මොන තාලයේ නරකක්දැයි සොයා ගැනීමට අවශ්‍ය නම් ඒ වර්ණ සළකුණ උඩට මවුසය ගෙන යා යුතුය. එවිට එන කුඩා බැලූන් සටහනක් තුළ ඒ විස්තර පෙන්වයි.


යම් හෙයකින් ඉතාමත් නරක වෙබ් අඩවියක් හමුවූවහොත් වර්ණ සංඥා දීම පැත්තක දමා "සයිට් ඇඩ්වයිසර්" වැඩසටහන මගින් ඒ වෙබ් අඩවියට පිවිසීම වලකයි. එහෙත් ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හරහා මේ හපන්කම කරන්න බැරිය(බ්ලොක් කිරීම) පුළුවන් වන්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තුළදී පමණය.

  පොස්ට් එක හොද නම් පොඩ් කමෙන්ට් පාරක් දාලා යන්න. :)) :D






මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status