කාර්යබහුලත්වය හේතුවෙන් ඉගැනිවීමේ ස්ථාන සමග සම්බන්ද වී, ඒවාට සහාබාගී වී අධ්‍යාපනය හැදෑරීමට කාලවේලාව නොමැති අයෙකුට වුවද, තමන්ට කැමති ඕනෑම වෙලාවක ලැබෙන ඉඩකඩ අනුව Online පාඨමාලා සහ විවිද මුලාශ්‍ර ඔස්සේ online ඉගෙනීම් වල යෙදී අලුතින් දේවල ඉගෙන ගැනීමට හා ඔබේ දැනීම වැඩි දියුණු කරගැනීමට මෙම තාක්ෂණික ලොව තුල ඔබට ඉඩකඩ ලැබී තිබෙනවා. මුදල් අයකරන මෙන්ම සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පාඨමාලා දහස් ගණනින් මෙම අන්තර්ජාලය තුල තිබෙනවා. නමුත් මෙහිදී ඔබ මුහුණ දෙන ගැටලුව තමයි, තමන්ට ගැලපෙන තමන් අපේක්ෂා කරන ගෙවන මුදලට වටිනාකමක් ලබාගත හැකි හොදම පාඨමාලාව කුමක්ද යන්න තෝරාගන්න එක. ඉතින් ඒ ගැටලුවට පහසුවෙන් විසදුම් සොයාගැනීම සදහා බාවිතාකල හැකි විශේෂිත සෙවුම් යන්ත්‍ර (Search Engines) කිහිපයක් ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ.
1. Redhoop
Khan Academy, Udemy, Lynda.com වැනි ජනප්‍රිය online විද්‍යාල විසින් ලබාදෙන video පාඨමාලා සොයා දෙන අධ්‍යාපනික සෙවුම් යන්ත්‍රයක් තමයි “Redhoop” කියන්නේ. Redhoop සෙවුම් යන්ත්‍රයේ මුල් පිටුවට පිවිසෙන ඔබට පුළුවන් ඔබේ කැමැත්ත පරිදි ඕනෑම පාඨමාලාවක් පිලිබදව සෙවුම් සිදු කරන්නට හෝ එහි දී තිබෙන වර්ගීකරණයන් ඔස්සේ ගොස් පාඨමාලාවක් සොයාගන්නට.
Redhoop තුල දක්නට ලැබෙන අපූරු විශේෂාංගයක් තමයි, ඔබ ලබාගන්නා සෙවුම් ප්‍රථිපල මිලගණන්, අදාළ වර්ගීකරණය හා මුලාශ්‍ර යටතේ online විද්‍යාලය කුමක්ද යන කරුණු වෙන වෙනම filter කරගැනීමට හැකියාව ලබාදී තිබීම. මෙම පහසුකම නිසා ඔබට පුළුවන් නොමිළේ ලබාගත හැකි පාඨමාලා හා මුදල් ගෙවා ලබාගන්නා පාඨමාලාවන් හදුනාගෙන ඒ අතුරින් තමන්ට වඩාත් පලදායි කුමක්ද යන්න පහසුවෙන්ම තෝරාගැනීමට.
2. Coursera
විවිද විෂයධාරා හා උසස් අධ්‍යාපනික අවශ්‍යතා සදහා නිර්මාණය වී තිබෙන තවත් එක් අධ්‍යාපනික සෙවුම් යන්ත්‍රයක් තමයි “Coursera” සෙවුම් යන්ත්‍රය. ලොව පුරා තිබෙන ජනප්‍රිය විශ්වවිද්‍යාල රැසක සිදු කරන පාඨමාලාවන් Coursera හී ලැයිස්තුගත කර තිබෙනවා.
3. Skilledup
Online video පාඨමාලාවන් සෙවීම සදහා නිර්මාණය කර ඇති තවත් එක් අපූරු අධ්‍යාපනික සෙවුම් යන්ත්‍රයක් තමයි “Skilledup” කියන්නේ. ඔබ කැමති මාතෘකාවක් යටතේ සෙවුම් සිදු කිරීමට හෝ Skilledup විසින් ලැයිස්තුගත කර ඇති topic ඔස්සේ ගොස් ඔබ කැමති පාඨමාලාවක් තෝරාගන්නට.
ඔබ ලබාගන්නා සෙවුම් ප්‍රථිපල ඔබේ පහසුව අනුව පාඨමාලා වර්ගය හා මිළ අනුව වර්ගීකරණය කරගන්න මෙම Skilledup සෙවුම් යන්ත්‍රය මගින් ඔබට ඉඩකඩ ලබාදී තිබෙනවා.
එහෙනම් යාලුවනේ පෝස්ට් එක හොදයිනම් මේක පිලිබදව කමෙන්ට් එකක් දාලා අපේ fb page එකට like එකකුත් දාලම යන්න. ඔන්න එහෙනම් මම ගියා. /bye :) තවත් අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු. :D
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment