සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔබේ ජංගම දුරකතනය , වතුරට වැටුන විට කල යුතු හොදම දේවල් පිළිබදව , හරියටම දැන ගන්න.



අද වන විට ජංගම දුරකතන භාවිතා කිරිම , බෙහෙවින් වැඩි වෙල තියේනවා. මේ ජංගම දුරකතන වලිනුත් වැඩි හරියක් තියේන්නේ ස්මාට් ජංගම දුරකතන.
කොමහරි , සාමාන්‍ය ජංගම දුරකතනයක් තිබුනත් , ස්මාට් ජංගම දුරකතනයක් තිබුනත් , ඒක හදිස්සියේම වතුරකට වැටුනෝත් මොකද කරන්නේ ??
අන්න , ඒ විධියට ඔබේ ජංගම දුරකතනය වතුරකට වැටුනෝත් , කරන්න ඕන හොදම දේවල් ටික තමයි , මේ පහලින් කියල තියේන්නේ.
මේ පහලින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.
1 ) ජංගම දුරකතනය Off වෙලානම් On කරන්න එපා.
2 ) තාමත්  ජංගම දුරකතනය On නම් , හොලවන්නේ නැතිව Off කරන්න.
3 ) ජංගම දුරකතනය ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.



4 ) තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් පොඩි කොටස් ගලවලා වතුර පිහිදාන්න.  එහම කියල ජංගම දුරකතනයේ ඇතුලේ තියේන Circuit එක වගේ බරපතල කොටස් ගලවල පිහි දාන්න එපා. )  [ Battery එක , Sim එක , Memory Card එක වගේ පොඩි කොටස් විතරක් ගලවලා වතුර පිහිදාන්න. ]

5 ) වතුර ඉවත් කරන්න කියලා , ජංගම දුරකතනය වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එහම කරෝත් වතුර ජංගම දුරකතනය පුරාම යනවා.  ඒ වගේම වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා.  ඒ කිව්ව වගේ දේවල් කරාම , වතුර වාෂ්ප වුනාට , ඊට කලින් Display එක, Speaker, Keypad උණුවෙලා ජංගම දුරකතනයට ගොඩාක් හානි සිදු වෙනවා. ( ඒ දේවල් වලින් Speaker , Keyboard වගේ ඒවට හානි සිදු වෙනව කිව්වාම තේරේනවනේ. මේවට හානි සිදු වුනාම , අයේත් ඒවා අලුතින් දාන්න වෙනවා. ඒ අර වතුරට වැටුන පසු නොකල යුතු වැඩක් කල නිසයි. ඒ නිසා වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 
6 ) දැන්ම , ජංගම දුරකතනය On කරන්න එපා.  වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා , පොඩි භාජනයක් අර ගෙන , ඒකට ගෙදරින් හෝ වෙනත් තැනකින් හාල් ටිකක් අර ගෙන දාන්න.
7 ) දැන් , ඒ දාපු හාල් ටිකට උඩින් ඔබේ ජංගම දුරකතනය තියල , නැවතත් හාල් ටිකක් අරන් ඔබේ ජංගම දුරකතනය වැහේන විධියටම දාන්න. මේ විධියටම ජංගම දුරකතනය , පැය කිපයක් හාල් වලින් වහලා තියන්න. ( පැය 4ත් - 5ත් අතර කාලයක් නම් ගොඩාක් හොදයි. )  [ මේ විධියට කරාම හාල් වලින් වතුර ගොඩක් උරා ගන්නවා. ]
මේ පහලින් තියේන පින්තුර වල ජංගම දුරකතනය , හාල් වලින් භාගේට වගේ වහල තියේන්නේ , පින්තුරය ටිකක් විතර , ඔබට පැහැදිලිව පෙනිය යුතු නිසයි.
ඒ නිසා , මේ පින්තුර වල වගේ ජංගම දුරකතනය , හාල් වලින් භාගේට නම් වහන්න එපා. එම නිසා , ඔබේ ජංගම දුරකතනය , හාල් වලින් වැහේන විධියටම දාන්න.



 8 )  පැය කිපයකින් පස්සේ ජංගම දුරකතනය On කරලා බලන්න. දැන් , ඔබේ සාමාන්‍ය ජංගම දුරකතනය හෝ ස්මාට් ජංගම දුරකතනය පෙර පරිදිම හොදට සුපිරියටම වැඩ කරයි.
සැ.යු. - මේ උඩින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.
සැ.යු. - ඒ වගේම , අනිවාරේන්ම , ඔබේ ජංගම දුරකතනයේ මුකුත් අවුලක් නැද්ද කියල හරියට තහවුරු කරගන්න , දැන ගන්න , ලගම තියේන ජංගම දුරකතන හදන තැනකට අරන් යන එකත් ගොඩක් හොදයි.
සැ.යු. - ඒ වගේම , ජංගම දුරකතනය වහල තියන්න භාවිතා කරපු ඒ හාල් ටික භාවිතා කරන්නේ නැති නම් ගොඩක් හොදයි කියලයි , අපි හිතන්නේ. මොකද , ඒ හාල් ගනුදෙනු කරේ ඉලේක්ට්‍රෝනික උපාන්ගයක් එක්කනේ. ඒ නිසා භාවිතා නොකරන එක , හැමෝටම හොදයි.
කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.

 
Ref_banner 928x90
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status