සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


මුස්ලිම්වරුන් වෙනුවෙන් නිපදවූ ජංගම දුරකථනයක්..


[​IMG]
 
රුසියානු ජංගම දුරකථන සමාගමක් විසින් මුස්ලිම්වරුන් සඳහා විශේෂවූ දුරකථන මාදිලියක් නිපදවා ඇතැයි වාර්තා වේ.

රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ බී.කියු මොබයිල් සමාගම විසින් නිපදවා ඇති ජංගම දුරකථනය රුසියානු මුස්ලිම්වරුන් අතර බෙහෙවින් ජනපි‍්‍රය වනු ඇති බවයි.

මෙම දුරකථනය නිපදවීමට පෙර විශේෂඥයන් විසින් ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික අවශ්‍යතා පිළිබඳ විමසීමක් සිදුකළ බව රුසියානු මුස්ලිම්වරුන්ගේ මධ්‍යම ආගමික පරිපාලන ආයතනයේ නියෝජිත ටිමූර් ඉමායෙව් පවසා තිබේ.

ඒ අනුව ඉතා පහසුවෙන් රුසියානු හා අරාබි භාෂාවෙන් ශුද්ධවූ කුරානය කියවීමේ හැකියාව නව ජංගම දුරකථනයේ පාරිභෝගිකයන්ට හිමිවී ඇති අතර යාඥා වේලාවන් සිහි කැඳවීමේ සංඥාවක්ද එමගින් නිකුත් කෙරේ.

මේ අතර දිශාව දැක්වීමේ පද්ධතියක් මගින් නැගෙනහිර මක්කම ඇති දිශාව දක්වනු ලැබේ.

බී.කියු මොබයිල් සමාගම පවසා ඇත්තේ නොවැම්බර් මස අවසාන භාගයේදී මෙය වෙළඳපොළට නිකුත් කරන බවයි.

ජංගම දුරකථනයේ නිල ඡුයාරූප හා තාක්‍ෂණික විශේෂතා ළගඳීම ප‍්‍රසිද්ධියට පත්කරන බවද සමාගම් ආරංචි මාර්ග පවසයි.

බී.කියු මොබයිල් සමාගම ජංගම දුරකථන, ස්මාට්ෆෝන් සහ ටැබ්ලට් අඩු මිලට අලෙවි කිරීම සඳහා ප‍්‍රසිද්ධියට පත්ව ඇති නවතම රුසියානු සමාගමකි.

http://www.bqmobile.com/Product.html
http://www.haaretz.com/news/world/1.624115 


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status