සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ගැන හැදින්වීමක්..


කොහොමද යාළුවනේ!

අද මං Post එකෙන් ලියන්න යන්නේ, පරමාණුවේ ඉදන් ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණය ගැන කරන හැදින්වීමක් කියලා කිවුවොත් මං නිවැරදියි..  ඉතින් මීට කලින් ලිපියකින් මම 'සන්නායක හා අර්ධසන්නායක' ගැන ලිපියකුත් ලිවුවනේ. ඒකත් බලන්න කැමති නම් මෙතනින් යන්නකෝ...  
හරි එහෙනම් වැඩි කතා නැතුව අද වැඩේට බහිමුකෝ..

පරමානු හා විද්යුත් ආරෝපන

මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම පාහේ සැකසී තියෙන්නෙ පරමාණූවලින් කියන එක ඕගොල්ලෝ අහලා ඇති. ඉතින් මේ පරමාණූව තව කොටස් 3කට බෙදෙනවා ඒවා නම්

  • ඉලෙක්ට්‍රෝන
  • නියුට්‍රෝන
  • ප්‍රෝට්‍රෝන


යන උප පරමාණූක අංශු වේ. මේවායින් ප්‍රොට්‍රෝන වල ඇත්තේ ධන(+) ආරෝපනයකි. එවගේම ඉලෙක්ට්‍රොන වල ඇත්තෙ ඍණ(-) ආරෝපනයකි. නමුත් නියුට්‍රෝන වල කිසිදු ආරෝපනයක් අඩංගු වන්නෙ නෑ. එනිසා නියුට්‍රොන ‘උදාසීන’ අංශු වර්ගයක් ලෙස හඳුන්වනු ලබනවා.

උප පරමාණුක අංශු පරමානුව තුල පිහිටා ඇති ස්ථාන 



‘ප්‍රෝට්‍රෝන හා නියුට්‍රෝන’ යන උප පරමාණුක අංශු දෙවර්ගය පරමාණුවෙ කේන්ද්‍රය වන නියෂ්ටිය තුල ස්ථීරව තැන්පත් වී පවති. ඒ අතර ඉලෙක්ට්‍රෝන පරමාණුවෙ නියෂ්ටිය වටේ ඇති ශක්ති මට්ටම් තුල කැරකෙමින් (පරිභ්‍රමණය) පවතිනවා. එවගේම ඉලෙක්ට්‍රෝන වලට හැකියාවක් තිබෙනවා, තමා පරිභ්‍රමණය වන පරමානුවේ නියෂ්ටියෙන් මිදී වෙනත් පරමාණුවක් කරා ඇදී යාමට. මෙලෙස පරමානුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වී යාම නිසා එම පරමානුව ධන(+) ලෙස ආරෝපණය වෙනවා. එවගේම ඉවත් වී යන ඉලෙක්ට්‍රෝන වෙනත් පරමාණුවක් හා සම්බන්ධ වූ විට එය ඍණ(-) ලෙස ආරෝපණය වීමද සිදුවෙනවා.(මෙලෙස පරමාණුවකින් ඉවත් වී යන්නේ අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන පමනි.)

පරමාණු ධන හා ඍණ ලෙස ආරෝපණය වන අයුරු 


මේ විදියට පරමාණු  + හා  - ලෙස ආරෝපණය වෙන්නෙ කොහොමද කියලා අපි ‘කාබන්’ පරමාණුවක් උදාහරනයට අරගෙන විමසා බලමු. 
 ඉහත රූපයේ දැක්වෙන කාබන් පරමානුවෙ ව්‍යුහය තුල

  • ඉලෙක්ට්‍රෝන- 6
  • ප්‍රෝට්‍රෝන  - 6
  • නියුට්‍රෝන - 6

යනාදි වශයෙන් උප පරමාණුක අංශු අඩංගු වී තිබෙනවා. මෙහි න්‍යෂ්ටියෙ ඇති ධන(+) ආරෝපිත ප්‍රෝට්‍රෝන ගණනට සමාන ඍණ(-) ආරෝපිත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මෙම න්‍යෂ්ටිය වටා ඇති ශක්ති මට්ටම් තුල පරිභ්‍රමණය වෙමින් පවතිනවා. එනිසා එය ‘විද්යුත් වශයෙන් උදාසීන’ (ඒ කියන්නේ විදුලිය ගැලීමක් සිදුනොවන තත්වයේ) තත්වයේ පවතින බවට අප හදුන්වනවා.

නමුත් මෙයින් ඉලෙක්ට්‍රොනයක් ඉවත් වුවහොත් එහි තිබෙන්නෙ  (+)ප්‍රෝට්‍රෝන 6කුත්(-)ඉලෙක්ට්‍රෝන 5කුත් පමණයි. එවිට මෙහි ධන ආරෝපිත ප්‍රෝට්‍රෝන ගණන වැඩි නිසා මෙය ධන(+) ලෙස ආරෝපනය වූවා සේ සලකනවා.
එවගේම ඉවත්වන ඉලෙක්ට්‍රෝනය වෙනත් කාබන් පරමාණුවක් සමඟ සම්බන්ධ වූ විට එම පරමාණුව තුල (+)ප්‍රෝට්‍රෝන 6කුත් එකතු වූ ඉලෙක්ට්‍රෝනය සමඟ (-)ඉලෙක්ට්‍රෝන 7කුත් අඩංගු වෙනවා. එවිට මෙහි ඍණ ඉලෙක්ට්‍රෝන ගණන වැඩි නිසා මෙය ඍණ(-) ලෙස ආරෝපනය වූවා සේ සලකනවා. "මෙය තමා ඉලෙක්ට්‍රොනික විද්යාවේ විද්යුත් ආරෝපන හා සම්බන්ධ මූලික සංසිද්ධිය වන්නේ."


විද්යුත් ආරෝපන ගලායන අයුරු


අප ඉහතදී සාකච්‍ඦා කල සංසිද්ධියේ ආකාරයට (+)ධන හා (-)ඍණ ලෙස ආරෝපණය වූ කොටස් දෙකකින් සමන්විත උපාංගයක් තමා අපි ‘වියලි කෝෂය’ නැතිනම් බැටරිය ලෙස හදුන්වන්නේ. එහි එක් පසෙක (+)ආරෝපිත අංශුත්, අනෙක් පසේ (-)ආරෝපිත අංශුත් වශයෙන් විද්යුත් ආරෝපණ අඩංගු වෙනවා. (එහි සිදුවන රසායනික ක්‍රියාවක් නිසයි මෙලෙස බැටරිය තුල (+) හා (-) ආරෝපණ ඇති වන්නේ.)

ඉහත රූපයේ පරිදි බැටරියකට දෙපස ඇති විද්යුත් ආරෝපන ගලා යාමට හැකි වන පරිදි සන්නායකයකින්(වයරයකින්) දෙපස සම්බන්ධ කල විට (-)අග්‍රයේ ඇති -ආරෝපිත ඉලෙක්ට්‍රෝන සන්නායකය හරහා ගමන්කර (+)අග්‍රයේ ඇති +ආරෝපිත අංශු වෙතට ආකර්ශනය වෙනවා. මේ විදියට (-)අග්‍රයේ සිට (+)අග්‍රය කරා ඉලෙක්ට්‍රෝන සහිත විද්යුත් ධාරාවක් සන්නායකයක් හරහා ගමන් කිරීම අපි ‘විද්යුත් ධාරාව’ (විදුලිය) ලෙස හඳුන්වනවා.
මේ විදියට සන්නායකයකින් බැටරියේ අග්‍ර දෙක එකිනෙකට සම්බන්ධ කර ඇති විට නොකඩවා (-)අග්‍රයේ ඇති ඉලෙක්ට්‍රෝන (+)අග්‍රය කරා ගමන් කිරීම නිසා, (-)අග්‍රය තුල ඇති -ආරෝපිත ඉලෙක්ට්‍රෝන අවසන් වීම සිදුවෙනවා. මේ විදියට බැටරියේ (-)අග්‍රයේ ඇති ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු බැටරිය විද්යුත් වශයෙන් උදාසීන තත්වයට පත්වෙනවා. එවිට අපි බැටරිය බැස ගොස් (විසර්ජනය) ඇති බවට හදුන්වනවා.

සම්මත විදුලි ධාරාව



දැන් ඕගොල්ලන්ට මතක ඇති මම කිව්වා, බැටරියේ (-) අග්‍රයේ ඇති ඉලෙක්ට්‍රෝන (+)අග්‍රය කරා ගලා යනවා කියලා සහ ඒකට අපි ‘විද්යුත් ධාරාව’ කියලා කියනවා කියලා. නමුත් සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා කියලා ඕගොල්ලෝ අහලා ඇතිනේ, ඒවගේ බැටරියේ (-)අග්‍රයේ ඉදන් (+)අග්‍රයට ඉලෙක්ට්‍රෝන ගමන් කරන විට බැටරියේ (-)අග්‍රයේ සිදුවන ඉලෙක්ට්‍රෝන ඉවත්වී යාම නිසා අග්‍ර දෙක අතර ඉලෙක්ට්‍රෝන විභව වෙනසක් ඇති වෙනවා. එවිට මෙම මෙම විභව නැති කරන්න බැටරියේ (+)අග්‍රයේ සිට ධන ආරෝපිත විදුලි ධාරාවක් (-)අග්‍රය කරා ගමන් කරනවා. අපි සම්මත විදුලි ධාරාව ලෙස හදුන්වන්නේ මෙයයි. එනිසා අප මෙය ‘සම්මත ධාරාව’ ලෙසත් මීට පෙර කියූ (-)අග්‍රයේ සිට (+)අග්‍රය කරා ගමන් කරන ඉලෙක්ට්‍රෝන සහිත ධාරාව ‘විද්යුත් ධාරාව’ලෙසත් හදුන්වනු ලබනවා.

"සම්මතයක් ලෙස විදුලිය ගලායන දිශාව වනුයේ +අග්‍රයේ සිට -අග්‍රය කරා ගලායන ධන ආරෝපන සහිත විද්යුත් ධාරාව වේ. 'එනම් ධන අග්‍රයේ සිට ඍන අග්‍රය කරා වේ."

ඉලෙක්ට්‍රෝන තාක්ෂණය යනු


කට්ටියට දැන් මතක ඇති මම කිව්වා 'ඉලෙක්ට්‍රෝන සහිත විද්යුත් ධාරාවක්' ගැන. "ඉතින් අපි ඒ ධාරාව ට්‍රාන්සිස්ටර්,රෙසිස්ටර්,කැපෑසිටර් වැනි විවිධ විද්යුත් උපාංග භාවිතා කර ඉලෙක්ට්‍රෝන ගලායාම පාලනය කර එමගින් විවිධ ප්‍රථිඵල ලබාගන්නවා. ඒක තමා අපි ‘ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය’ නැතිනම් ‘ඉලෙක්ට්‍රෝනික විද්යාව’ ලෙස හඳුන්වන්නේ". 
ඒකත් හරියට අපි බට මාර්ගයෙන් වතුර පොම්ප කර වතුර බටයේ වතුර ගැලීම පාලනය කරන්න බෙන්ඩ් වර්ග,වෑල් වර්ග,ටැප් වර්ග ආදිය යොදාගෙන එයින් අපිට අවශ්ය ප්‍රයෝජන ගන්නවා වගේ වැඩක්.


  • හරි එහෙනම් අද ලිපිය ඉවරයි. පහලින් තියෙන විඩියෝ එකත් බලාගෙනම යන්නකෝ..



මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

1 comment:

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status