සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


Nokia ජංගම දුරකථන බාවිතාකරන ඔබට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් “Nokia Video Converter”


Nokia Video Converter කියන්නේ Nokia දුරකථන සදහාම නිමැවූ අපූරු converting මෘදුකාංගයක්. AVI, MPEG, WMV.MOV, RM, හා VOB වැනි තවත් ජනප්‍රිය video formats බොහොමයක් සදහා මෙම අපූරු මෘදුකාගය සහය දක්වනවා. වීඩියෝ file එකක් තවත් වීඩියෝ file එකකට convert කරගන්නවා වගේම video එකක් MP3, WAV හෝ M4A වැනි Audio file එක්ක ලෙසින් convert කරගැනිමටත් මෙම මෘදුකාංගය මගින් ඔබට ඉඩකඩ සලසා දී තිබෙනවා. ඒ වගේම මෙම මෘදුකාංගය ඉතා වේගවත්ව බැවින් කාලය ඉතිරි කරගනිමින් ඉතා පහසුවෙන් හා ඉහල ගුණාත්මකභාවයකින් යුතුව ඔබේ Nokia ජංගම දුරකථනය සදහා video convert කරගන්නට ඔබට පුළුවන්.


නොබෝදා දිනක මෙම මෘදුකාංගයේ නවතම සංස්කරණය හදුන්වා දෙනු ලැබූ අතර නව විශේෂාංග රැසක් මෙම නව සංස්කරණය සමගින් ඔබට හදුන්වා දී තිබෙනවා. නවතම Nokia Lumia 1020 ජංගම දුරකථනය ඇතුළුව Nokia දුරකථන 100 කට වැඩි සංක්‍යාවක බාවිතා වන විවිද video formats සදහා මෙම මෘදුකාංගය සහය දක්වනවා.



ඔබට අවශ්‍ය වීඩියෝව convert කරගැනීමට පෙරාතුව එම වීඩියෝවෙහි ඇති අනවශ්‍ය කොටස් ඉවත් කර හෝ වීඩියෝවක ඇති කොටසක් පමණක් තෝරාගෙන convert කරගැනීමට මෙන්ම අවශ්‍ය නම් විවිද effects පවා එක් කරගැනීමටත් මෙම මෘදුකාංගය මගින් ඔබට ඉඩකඩ සලසා දී තිබෙනවා.


Nokia Video Converter Pro මෘදුකාංගයේ මිළ $19.95 ක් වන අතර මෙහි free version එකකුත් “Free Nokia Video Converter Factory” නමින් මෙම මෘදුකාංගය නිර්මාණය කල WonderFox Soft ආයතනය විසින් ඔබට හදුන්වා දී තිබෙනවා. $19.95 ක් වටිනා Nokia Video Converter Pro මෘදුකාංගය නොමිලේ ලබාගැනීමට අවස්තාවක් ඉදිරියේදී ඔබට ලැබෙන අතර ඒ පිලිබදව ඔබව දැනුවත් කිරීමට අප සුදානම්.

එහෙනම් ඉතින් ඔයාලගෙ යුතුකමක් වශයෙන් මේකට මොකක් හරි comment එකක් දාලම යන්න. ඔන්න එහෙනම් මම ගියා.අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු.

Visit: Home Page









මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status