සැලකිය යුතුයි !!

යම් කිසි Download ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේ තප්පර 5කට පසු දකුණු පස උඩ තිබේන 'Skip Ad' ක්ලික් කිරීමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක.


ඔබටම කියා කෘතීම බුද්ධියක් ඔබගේ Win 8 පරිගණකයට - Artificial intelligence



ඔන්න යලුවනේ කාලෙකට පස්සෙ මම අලුත් ලිපියක් දැම්ම.මෙක කොහොමද කියල කියවලම බලන්නකෝ. :D /hihi

Android, iOS සහ Windows Phone මෙහෙයුම් පද්ධති වලින් මෙහෙයවෙන ස්මාට් ජංගම දුරක්ථන භාවිතා කරන බොහෝ දෙනා Virtual Assistant වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා. මෙයට හොඳම උදාහරණය වන්නේ Apple දුරකථන වල ඇති Siri පහසුකම. යම් යම් අවස්ථා වලදී බොහෝ ප්‍රයෝජනවත් විය හැකි මෙම ආකාරයේ මෘදුකාංග බොහෝ අය භාවිතා කරන්නේ හුදු විනෝදය සදහා පමණයි.
 ඇත්තෙන්ම තමන්ගේ කටහඬින් කතා කොට සංවාදයක් ගොඩ නඟා ගත හැකි කෘතිම බුද්ධි වැඩසටහනක් ඉතා ආකර්ෂණීයයි. නමුත් එම ආශ්වාදය ජංගම දුරකථන වල දී මෙන් පහසුවෙන් භාවිතා කළ හැකි මට්ටමට පරිගණක සඳහා ජනප්‍රිය වී තිබුනේ නැහැ. දැන් Windows 8 හා ඊට ඉහල මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන්ට එම පහසුකම අත්විඳීමට පහසුකම් උදා වී තිබෙනවා. ඒ Speaktoit විසින් ජනප්‍රිය Speaktoit Assistant වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා හඳුන්වා දීමෙන් අනතුරුවයි.
 Speaktoit Assistant යනු Android, iOS සහ Windows Phone යන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සඳහා ජනප්‍රිය Virtual Assistant වර්ගයේ වැඩසටහනක්. එය Windows 8 හා ඊට ඉහල මෙහෙයුම් පද්ධති සඳහාද App එකක් ලෙස ස්ථාපනය කරගත හැකියි. ජංගම දුරකථනයේදී මෙන් ඔබගේ කටහඬින්ද, text මාර්ගයෙන්ද මෙම වැඩසටහන සමඟ සංවාදයේ යෙදෙමින් බොහෝ උදව් ලබාගත හැකියි. Windows App Store එකෙන් මෙම ඇප් එක නොමිලේ බාගත කර ගැනීමට පුළුවන්. ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය Windows 8 හා ඊට ඉහල එකක් නම් ගොස් එය ස්ථාපනය කරගන්න.

( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )
 
 
මෙහි අතුරුමුහුණත ඉතා සරළ අන්දමින් නිපදවා තිබෙනවා. දකුණුපස ඇති මයික්‍රෆෝන අයිකනය ඔබා Assistant සමඟ කතා කිරීමටද, Keyboard අයිකනය ඔබා ඇය සමඟ text මගින් අදහස් හුවමාරු කර ගැනීමට පුළුවන්.


 ඉහළ කෙළවරේ ඇති බල්බ අයිකනය ක්ලික් කොට මෙම මෘදුකාංගය සමඟ භාවිතා කළ හැකි commands මොනවාදැයි බලා ගැනීමට පුළුවන්. උදාහරණ ලෙස සාමාන්‍ය කතා බහට අමතර සිතියමක යම් යම් ස්ථාන පෙන්වීමට, ඒකක පරිවර්ථන කටයුතු, භාශා පරිවර්ථන කටයුතු ආදී බොහෝ දෑ මෙමගින් සිදු කරගත හැකියි. ඔබ සොයන දෙය කුමක් වුවත් ඇයට ඒ සඳහා පිළිතුරු දිය හැකියි.
 එසේ නොහැකි අවස්ථා වලදී එය Google මගින් සොයා ඉදිරිපත් කිරීමටද මෙම ඇප් එකට හැකියාව තිබෙනවා. එසේම ඔබ පෙර සදහන් කළ තොරතුරු මතක දබා ගැනීමටද මෙමෙ ඇප් එකට හැකියාව තිබෙනවා.


ඔන්න එහෙනම් මෙතනින් මේ ලිපිය ඉවරයි /hmm .  මේක පිලිබදව ඔබගේ අදහස් අපට කියන්න :) .  ඔන්න එහෙනම් මම ගියා.මතක ඇතිවම අපේ fb page එකට like එකකුත් දාලම යන්න. අලුත් ලිපියකින් ලගදිම හමුවෙමු....  /bye


මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

අපේ බ්ලොග් එකේ තියන ලිපි හොදයිනම් ඒවා කියවල බලල comment එකකුත් දාන්න.අපේ facebook page එකතත් like එකක් දාල යන්න.

0 comment:

Post a Comment

 

Copyright @ 2015 Gadgematic Lanka. DMCA.com Protection Status