ෆේස්බුක් එක එක එක කාලෙට එක එක අප්ඩේට් ලෝකයට හඳුන්වා දෙනවනේ. නිදසුනක් ලෙස පසුගිය කාලයේ කමෙන්ට් සඳහා ස්ටිකර්ස් හඳුන්වා දුන්නා. මේකට හුඟක් අය ප්‍රිය කළා හුඟක් අය භාවිතා කළා. අද මං කියන්න යන්නේ ඔවුන් හඳුන්වා දුන්නු තවත් අළුත් දෙයක් ගැන. මේකට අපි කියන්නේ “Stickered” කියලා. මෙය හඳුන්වා දී තිබෙන්නේ facebook messanger app වලට ඉතින් facebook messanger නැති අයටනම් මේක භාවිතා කරන්න බෑ. ඒ කියන්නේ mobile phones වල fb messanger තියෙන්න ඕනේ මෙය භාවිතා කරන්න. සමහර විට ඕගොල්ලෙ මේ ගැන් දැනුවත්වත් ඇති. ඒත් තාමත් දන්නේ නැති අය ඉන්නවා ඇති කියල හිතපු නිසා තමයි මං මේ ගැන ඔයාලට කියන්නේ. මේකෙන් වෙන්නේ ෆේස්බුක් එකේ තියෙන ස්ටිකර්ස් අපි කැමති ඡායාරූපයකට දාගන්න පුලුවන් වෙන එක.
ඔයාලගේ යාළුවන්ටත් කියන්න
මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?
0 comment:
Post a Comment